IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි


(රංජිත් රාජපක්ෂ)

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද(25) තලවකැලේ ලිදුල නගර සභාවේ ලේකම් ඩී.වී.පී.බණ්ඩාර මහතා වෙත භාරදුන් බව අශෝක සේපාල මහතා පැවසීය.
 
වර්ෂ 2011.07.29 දින සිට 2015.07.30 දක්වාත්, 2018.03.28 දින දක්වාත් අවස්ථා දෙකකදි එම නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අශෝක සේපාල මහතාට එරෙහිව ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා මධ්‍යම පළාත ආණ්ඩුකාරවරයා කොමිසමක් පත් කර තිබුණි. එම විමර්ශන කටයුතු අවසන් වන තෙක් අශෝක සේපාල මහතාගේ සභාපති ධුරය තාවකාලිකව අහෝසි කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කටයුතු කර තිබුණි. ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් අවසන් වරට තලවකැලේ ලිදුල නගර සභාවේ මන්ත්‍රී ධුරය සහ සභාපති ධුරය දැරු අශෝක සේපාල මහතා තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපියේ පිටපතක් නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිවරයා වෙත ලබා දී ඇත.
 
අශෝක සේපාල මහතා සභාපති ධුරය දැරූ කාලය තුල තලවකැලේ නගර සීමාවේ සංවර්ධන කටයුතු රාශ්‍රියක් කළ අතර , ඉහල කොත්මලේ ජලාශය ඉදි කිරීම ද අශෝක සේපාල මහතාගේ සභාපති ධුරය කාලයේදි සිදු කෙරිණ. තලවකැලේ ලිදුල නගර සභා සීමාවේ ජනතාවට කාලයක් තිස්සේ පැවති පානීය ජල ගැටළුවට විසඳුම් ලබාදීමට අශෝක සේපාල මහතා කටයුතු කර තිබුණි.
 
තලවකැලේ ලිදුල නගර සභාවේ නාගරික මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන අශෝක සේපාල මහතාගෙන් පුරප්පාඩු වු තලවකැලේ හොලිරුඩ් කොට්ඨාසය සදහා ස්වාධීන කණ්ඩායමෙන් තරග කළ සිවනයියා සිවරාජ් මහතා ලැයිස්තුවෙන් ඉදිරියෙන් සිටින බව අශෝක සේපාල මහතා කියා සිටියේය.ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වු තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසීය.
 
තමන් තලවකැලේ ලිදුල නගර සභාවේ තනතුරුවලින් ඉල්ලා අස්වුවද ඉදිරියේදි ජාතික සමගි ජන බලවේගය සමග එක්ව තම දේශපාලන කටයුතු සිදු කරන බවය.



අදහස් (0)

තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site