IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ත්‍රීරෝද රථ - ලොරි අනතුරකින් පුද්ගලයකු මරුට

          

(එම් .සුසිල් ප්‍රියන්ත)

ගාලු පාරේ බලපිටිය  පාතේගමදී  අද (1) ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් ගැටී ත්‍රීරෝද රථයේ රියදුරු මරුමුවට පත්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
         
මේ අනතුරින් මරුමුවට පත්වී ඇත්තේ මාතර කෝට්ටේගොඩ තලල්ල දකුණ ප්‍රේමදාස සුරංග සමරසිංහ නමැති අයෙක් බවද පොලීසිය කියයි.
      
ඔහු කොළඹ පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන බවත් නව වසරේ රාජකාරීයට වාර්ථා කිරීමට සිය ත්‍රීරෝද රථයෙන් මාතර සිට කොළඹ බලා  යමින් සිටියදී මේ රිය අනතුරට ලක්වී ඇති බවත් පොලීසිය කියයි.
           
රිය අනතුරට සම්බන්ධ ලොරි රථය කොළඹ සිට ගාල්ල දෙසට භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ එකක්   බවද පොලීසිය කියයි.
         
මේ රිය අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.        
 
මේ රිය අනතුරින් මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය අද (1 ) බලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණ



අදහස් (0)

ත්‍රීරෝද රථ - ලොරි අනතුරකින් පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site