IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ත්‍රිරෝද රථය පෙරැළී අවුරුදු එකහමාරක දරුවෙක් මරුට

(සමන් පාලිත නානායක්කාර) 

හපුතලේ බෙරගල පහළ විහාරගල ප්‍රදේශීය දී අද (14) ත්‍රිරෝද රථයක් පාරෙන් ඉවතට පැන අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන් ගත් අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු මියගොස් ඇතැයි බරපතල තුවාල ලැබූ තවත් සිව්දෙනකු හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ  පොලිසිය කියයි. 

මව,  දරුවන්  දෙදෙනා සහ තවත් දෙදෙනෙකු ගමන්ගත් ත්‍රීරෝද රථයක් මෙසේ අනතුරට ලක් වී තිබේ.

තුවාලකරුවන් හල්දුම්මුල්ල බෙරගල පහළ විහාරගළ ප්‍රදේශයේම පදිංචි අයවලුන් බවද පොලිසිය කියයි.

බෙරගල කොස්ලන්ද මාර්ගයේ ධාවනය  වෙමින් තිබියදී  මෙම ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරැළී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ත්‍රිරෝද රථය පෙරැළී අවුරුදු එකහමාරක දරුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site