IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරැළී 3ක් රෝහලේ


 (රංජිත් රාජපක්ෂ)

හැටන් සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ඉන්ජස්ට්‍රි වත්ත ප්‍රදේශයේදී, ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීමෙන් තිදෙනෙකු තුවාල  ලබා අද(01) දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.
 
මත්පැන් සාදයක් පවත්වා 6දෙනෙකු නංවාගෙන අධික වේගයෙන් ධාවනය වී ඇති එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබේ.
 
අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට හැටන් පොඩයිස් වත්තේ නෑදෑ නිවසකට පැමිණි තිදෙනෙකු සහ එම නිවසේ සිටි තිදෙනෙකු මත්පැන් පානය කිරීම සදහා ත්‍රිරෝද රථයෙන් පුලියාවත්ත ප්‍රදේශයට ගොස් මත්පැන් පානය කර ආපසු නිවස කරා පැමිණෙන අතරතුර මෙම අනතුර සිදුව ඇත.
 
ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි 15 ක් පමණ තේ වත්තට පෙරළී මෙම අනතුර සිදු වී ඇති බව නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.
 
අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.



අදහස් (0)

ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරැළී 3ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site