(ශාන්ත රත්නායක)
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරිය වශයෙන්, තරණි අනෝජා ගමගේ මහත්මිය මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සුභ මොහොතින් වැඩ බාර ගත්තාය.
ඇය සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තුවේ 22 වන අධ්‍යක්ෂකවරියයි.
හොරණ තක්ෂිලා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තරණි මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. ඇය 1992 වසරේ දී රාජ්‍ය සේවයට පිවිස, 2003 වසරේ දී රාජ්‍ය පරිපාලන සේවයට එක්වූවාය. මිල්ලනිය, බණ්ඩාරගම හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශීය ලේකම්වරිය වශයෙන් ද, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය (මානව සම්පත්) වශයෙන් ද, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙසද, ඇය කටයුතු කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
'තරණි' සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධූරයට