IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තරුණයකු දියේ ගිලී මරුට

(චන්ද්‍රෙස්න ගමගේ )

වීරකැටිය උඩුකිරිවිල වැවේ ඔරු පැදීමට ගිය තරුණයන් සිව් දෙනකුගෙන් එක් අයකු ඔරුව පෙරලී දියේ ගිලී මිය ගොස් ඇතැයි  වීරකැටිය පොලිසිය පවසයි.

මියගිය තරුණයා සමඟ  තවත් තරුණයන් තිදෙනකු අද (07) සවස 03 ට පමණ උඩ කිරිවිල වැවේ ඔරු  පදිමින් සිටියදී ඔරුව පෙරළී ඇති බවත් ඉන් අනතුරුව මෙම තරුණයා දියේ ගිලී ඇති බවත් පොලිසිය පවසයි.

තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක බලකා නිලධාරීන් වීරකැටිය පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සිදුකළ සෝදිසියකින් අනතුරුව මිය ගිය තරුණයාගේ සිරුර අද සවස 05 පමණ සොයා ගනු ලැබීය.

මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සඳහා තංගල්ල මූලික රෝහල වෙත යවනු ලැබීය .

දියේ ගිලී මිය ගොස් ඇත්තේ මාතර හිත්තැටියේ පදිංචි  21 වියේ  පසු වූ තරුණයෙකි.ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ  සිසුවෙකි.



අදහස් (0)

තරුණයකු දියේ ගිලී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site