
(අනීෂා මානගේ)
තංගල්ල නගරසභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 5දෙනක් අද(16) කළු පටි පැළඳ සභාවාරයට සහභාගී වූහ.
පොදුජන පෙරමුණ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී විමල් හේවා දුනුවිල, ගයාන් සමිද්ද, ඩබ්ලිව්.පී.ආරියදාස, කේ.එච්.ගුණරත්න සහ ශාන්ත නිහාල් අන්ද්‍රාහැන්නදි යන මහත්වරු මෙලෙස කළු පටි පැළඳ සභාවාරයට සහභාගී වූහ.
තංගල්ල නගරසභාවේ සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි(එ.ජා.ප) මහතා විසින් පොදුජන පෙරමුණු මන්ත්‍රී ශාන්ත නිහාල් අන්ද්‍රාහැන්නදි මහතාට දුරකතනයෙන් බැණ තර්ජනය කළ බව කියන සිද්ධියකට විරෝධය දැක්වීමක් ලෙස ඔවුහු කළු පටි පැළඳ සභාවාරයට පැමිණ සිටියහ.
තංගල්ලේ මාර්ගයකට ගල්කුඩු ඇතිරීම සඳහා මිල ගණන් අනුමත කිරීමට ඉකුත් 26 වැනිදා පැවැති ටෙන්ඩර් සහ කර්මාන්ත කමිටුවට ඉදිරිපත් කළ යෝජනාවක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මුල්කරගෙන සභාපතිවරයා විසින් තමාට දුරකතනයෙන් බැණ තර්ජනය කළ බවට ශාන්ත නිහාල් මහතා ඉකුත් 27 වැනිදා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සටහන් කර තිබිණි.
අදාල මන්ත්‍රීවරයාට තමා තර්ජනය නොකළ බව සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා කීය. මෙම සිද්ධියට විරෝධය දක්වමින් පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු කළු පටි පැළද සභාවාරයට සහභාගී වූ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් අද පැවැති සභාවාරයේදී සභාපතිවරයා මන්ත්‍රීවරුන් සමඟ සුහදව සාකච්ඡා කළේය.
තමාගෙන් වැරැද්දක් වූවා නම් සමාව ගැනීමට තමා නොපැකිලෙන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරුන් සහ සභාපතිවරයා ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර සමථයකට පත්වූ අතර තමන් පැළඳ සිටි කළු පටි සභාව තුළදීම ගලවා දැමීමට ක්‍රියාකළහ.

2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තංගල්ල නගර සභාවේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ සභාවට එති