IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තංගල්ල නගරසභාවේ කලබලයක්

 


(අනීෂා මානගේ)

තංගල්ල නගරසභාවේ 2021 වර්ෂයට අදාය අයවැය ලේඛනය අද(7) සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි(එ.ජා.ප) මහතා ඉදිරිපත් කළ අතර ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමක් ලබා නොදීම හේතුවෙන් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.

තංගල්ල නගරසභාවේ 2021 වර්ෂය සඳහා අයවැය ලේඛනය සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි(එ.ජා.ප) මහතා විසින් අද පැවැති තංගල්ල නගරසභාවේ විශේෂ සභාවාරයේදී ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව අයවැය ලේඛනය සම්බන්ධයෙන් අදහස්, යෝජනා සහ සංශෝදන පවතී නම් ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අතර ඒවා සටහන් කරන ලෙස ආකෘති පත්‍රයක් සෑම මන්ත්‍රීවරයකුටම ලබා දුන්නේය.

ඇතැම් මන්ත්‍රීවරුන් අයවැයට යෝජනා ඉදිරිපත් කර නොතිබුණු බව සභාපතිවරයා පැවසූ අතර චින්තක කැළුම්(ජ.වි.පෙ) සහ ශාන්ත නිහාල් අන්ද්‍රාහැන්නදි(පො.ජ.පෙ) මහතා සිය අසුන්වලින් නැගිට අදහස් ඉදිරිපත් කළේය. ඇතැම් මන්ත්‍රීවරු සිය අදහස් සභාපතිවරයාට ලිඛිතව ලබා දුන්හ.

මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ සියලු යෝජනා සහ සංශෝදන 2021 වර්ෂයේදී අනිවාර්යෙන් කළ යුතු දේවල් ලෙස තමා පිළිගන්නා බව සභාපතිවරයා පැවසූයේය. 2012 අංක 21 දරණ පළාත් පාලන ආයතන විශේෂ විදිවිධාන පනතට අනුව 2021 අයවැය ලේඛනය සඳහා ඉදිරිපත් කළ යෝජනා සහ සංශෝදන සඳහා තමා එකඟ වන අතර එම යෝජනා සහ සංශෝදන සියල්ල පවතින නීතිය සහ විෂය පථය තුළ ක්‍රියාත්මක කිරීමට තමා එකඟ වන බව කීවේය. එම යෝජනා සංශෝදන සහිතව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්මත කරන බව ද සභාපතිවරයා කීවේය.

ඉන් අනතුරුව පොදුජන පෙරමුණ කණ්ඩායම් නායක විමල් හේවා දුනුවිල මහතා අයවැය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එලෙස ඡන්ද විමසීමක් ලබා දෙන ලෙස පනතෙහි සඳහන් කර නොමැති බව සභාපතිවරයා කීවේය.

2012 අංක 21 දරණ පළාත් පාලන විදිවිධාන පනතේ 12 වැනි වගන්තිය අනුව සංශෝදන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් පසු ඒවා තමා පිළිගන්නවා නම් ඉන් එහාට කිසිවක් කළ නොහැකි බව පවසා සභාපතිවරයා විසින් සභාව අවසන් කරන බව කීවේය.

පනතට අනුව සියලු වැඩ තමා කළ බවද කිසියම් කෙනෙකුට අවශ්‍ය නම් නීතිමය ලෙස කටයුතු කරන ලෙස දැන්වූ සභාපතිවරයා මහසභාවේදී නැවත හමුවෙමු ලෙස පවසා මන්ත්‍රීවරුන්ගේ විරෝධය මැද සභාවෙන් පිටව ගියේය.

අයවැය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීමක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව කියූ මන්ත්‍රීවරු තංගල්ල නගරසභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ.රූපසේන මහතාට සභා ගැබෙන් පිටව යාමට නොදී රඳවාගෙන සිටියහ.  

නීත්‍යානූකූල නොවන සභාවකට තමාට සහභාගී විය නොහැකි බව ලේකම්වරයා කී අතර බලහත්කාරයෙන් තමා සිය අසුනේ වාඩි කරවීමට සූදානම් වන බව කීවේය. අවශ්‍ය නම් පනතට අනුව සභාපතිවරයාට විරුද්ධව කටයුතු කළ හැකි බව පැවසූ ලේකම්වරයා ඉන් අනතුරුව අනෙක් නිලධාරින් සමග සභා ගැබෙන් පිටව ගියේය.

උප සභාපති මොහොමඩ් ශිරාස්(එ.ජා.ප) මහතාගේ මූලිකත්වයෙන් සභාවේ ඉදිරි වැඩ කටයුතු පැවැත්වීමට සූදානම් වුවද සභාගර්භය තුළ නිලධාරින් නොසිටීම හේතුවෙන් එය වැළකිනි. පක්ෂ දෙක අතර පවතින රැස්වීමක් පමණක් බව කියමින් චින්තක කැළුම්(ජ.වි.පෙ) මන්ත්‍රීවරයාද ඉන් අනතුරුව සභාවෙන් පිටව ගියේය.

ලේකම්වරයා නැවත සභාවට කැඳවාගෙන ඒම සඳහා මන්ත්‍රීවරුන් ලිපියක් ගෙන ගොස් ලේකම්වරයාට ලබා දුන්නද ඔහු නැවත සභාගැබට නොපැමිණියේය

 



අදහස් (0)

තංගල්ල නගරසභාවේ කලබලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site