IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඩී.ඒ.රාජපක්ෂ 53 වැනි ගුණ සමරුව තංගල්ලේදී

 

 
(අනීෂා මානගේ)

හිටපු උප කථානායකවරයකු වන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ 53 වැනි ගුණසමරු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ තංගල්ලේදී සිදු කෙරිණි.

තංගල්ල නගරයේ මහවෙල මාර්ගයේ ඉදිකර ඇති ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුව අසලදී මෙම උත්සවය නිරෝධායනය නීතිරිතීන්වලට අනුකූලව පැවැත්වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මැතිණිය, ඩී.ඒ.රාජපක්ෂ ගුණ සමරු කමිටුවේ සභාපති ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, පරිසර කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර, අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඇතුළු පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

තංගල්ල පොළොම්මාරුව වනවාස කුඩා විහාරයේ විහාරාධිකාරී ධම්මදින්න මහපිරිවෙනේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී මණ්ණාඩුවේ ධීරානන්ද ස්වාමීන්වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංචසීලයෙහි පිහිටවූ අතර තංගල්ල වජිරගිරිය සහ රත්මලාන චකින්දාරාම විහාරස්ථානවල විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මිරිස්සේ ධම්මවංශ හිමියෝ අනුශාසක දේශනාව සිදුකළහ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිස ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුව අසල මල් කළඹක් බැගින් තබා ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ ගුණ සිහි කළ අතර දකුණු පළාත් සභාවේ සභා නායක සෝමවංශ කෝදාගොඩ මහතා, දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කපිල දිසානායක යන මහත්වරු කුරහන් පැහැති මල් මාලයක් ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුවට පළදවනු ලැබිය.



අදහස් (0)

ඩී.ඒ.රාජපක්ෂ 53 වැනි ගුණ සමරුව තංගල්ලේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site