IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ටිපර් රථ අනතුරකින් කාන්තාවක් මරුට

(පැතුම් දර්ශන)

හොරොව්පොතාන වව්නියාව හන්දිය පැරණි ඉන්ධන පිරවුම් අසල මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් ටිපර් රථයකට යටවී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ කෘෂිකර්ම පර්යේෂණ සහකාර වරියක් හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද (11) දහවල් මියගොස් ඇතැයි හොරොව්පතාන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන,රිටිගහවැව, පදිංචි හොරොව්පොතාන ගොවිජන සේවා කාර්යාලයෙ සේවය කළ මැණික් රාළගේ අනුලා කුමාරි නැමැති 56 හැවිරිදි කාන්තාවකි.

මියගිය කාන්තාව  සිය සැමියා සමග අද (11) දහවල් යතුරු පැදියෙන් හොරොව්පොතාන වව්නියාව මාර්ගයේ  හොරොව්පතාන නගරය දෙසට එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. ත්‍රිකුණාමලය සිට යාපනය දක්වා ධාවනය වන ලංගම බස් රථයක් මගීන් පටවා ගැනීම සඳහා හොරොව්පොතාන වව්නියාව මාර්ගයේ පැරණි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට මාර්ගය අයිනේ නවතා තිබී ඇති බව පොලිසිය කියයි. නගරය දෙස සිට පැමිණි ටිපර් රථයක්  මාර්ගය අයිනේ නවතා තිබු බස් රථය පසුකර යාමට උත්සාහ කිරිමෙදි
 
ඉදිරියෙන් පැමිණි යතුරුපැදිය එම ටිපර් රථයට වී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය වැඩිදුරටත් කියයි.

පසුව බරපතළ තුවාල ලැබූ කෘෂිකර්ම සහකාර පර්යේෂණ නිලධාරි වරිය අවට සිටි අය විසින් හොරොව්පොතාන රෝහල වෙත ගෙන ගොස් තිබු අතර එහිදී ඇය මියගොස් තිබිණි. අනතුරින් ඇයගේ සැමියාට කිසිදු තුවාලයක් සිදු වී නොමැති බවද රෝහල් ආරංචිමාර්ග කියයි.

 



අදහස් (0)

ටිපර් රථ අනතුරකින් කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site