IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජීව අත්බෝම්බ-මත්ද්‍රව්‍ය සමඟ දෙදනකු අත්අඩංගුවට

(අනීෂා මානගේ)

සුඛෝපබෝගී වෑන් රථයකින් පැමිණ කිරි එළදෙනකු සොරකම් කර ඝාතනය කර මස්කඩයකට විකිණූ බව කියන දෙදෙනකු සහ කඩ හිමිකරු ජීව අත්බෝම්බයක්, හෙරොයින් ග්‍රෑම් දෙකක් සහ මිලිග්‍රෑම් 600 ක් සමඟ අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිගම, වීරකැටිය සහ කිරින්ද යන ප්‍රදේශවල  පදිංචි තිදෙනකු බව පොලිසිය කියයි.

සුඛෝපබෝගී වෑන් රථයකින් පැමිණි බව කියන කිහිපදෙනකු වීරකැටිය රන්න මාර්ගයේ පිහිටි නිවෙසකින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක් වටිනා කිරි එළදෙනක සොරකම් කර ඇති බවට වීරකැටිය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවකු කිරින්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම කිරි එළදෙන කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේදී ඝාතනය කර වැලිගම ගල්බොක්ක ප්‍රදේශයේ මස් කඩයකට අලෙවි කර ඇතැයි තොරතුරු අනාවරණය කර ඇත. ඒ අනුව එම වෙළෙදසැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
 
ගව මස් කිලෝග්‍රෑම් 140ක්, මස් ගබඩා කළ බව කියන අධිශිතකරණය, පිහි, තරාදි ඇතුළු උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.

සොරකම් කරන ලස එළගවයා පටවාගෙන ගිය බව කියන වෑන් රථය අත්අඩංගුවට ගත් සැකකරුගේ තොරතුරු අනුව වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිස් බාරයට ගෙන තිබිණි. එම වෑන් රථය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී වෑන් රථයේ සඟවා තිබූ ජීව අත්බෝම්යකින් සැකකරු විසින් පොලිස් නිලධාරින්ට පහරදීමට සූදානම් වී ඇති අතර පොලිස් නිලධාරින් සැකකරු සමඟ පොරබදා ඇතැයි නිලධාරිහු කියති.
 
සිද්ධියට සම්බන්ධ කියන තවත් සැකකරුවකු වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් දෙකක් සහ මිලිග්‍රෑම් 600ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා පොලිස් නිලධාරිහු පරීක්ෂණ සිදුකරති.

 



අදහස් (0)

ජීව අත්බෝම්බ-මත්ද්‍රව්‍ය සමඟ දෙදනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 161 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site