IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජයන්තිපුර රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයකුට මැර ප්‍රහාරයක්


 
(ක.ග.කරුණාරත්න)     

                       
පොලොන්නරුව,ජයන්තිපුර ප්‍රාදේශීය රෝහලේ සියළුම කාර්ය මණ්ඩල අද (15) පෙරවරුවේ සිට සිය රාජකාරීවලින් ඉවත්ව උද්ඝෝෂණයක නිරතව සිටින බව මින්නේරිය පොලිසිය පවසයි.

රෝහලේ හෙද නිලධාරියකුට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තවත් අයකුට පුද්ගලයන් පිරිසක් පැමිණ රාජකාරී වේලාවේ දී මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වෙති.


පෙරදින (14) මධ්‍යම රාත්‍රියේ බීමත්ව ත්‍රිරෝද රථයෙකික් පැමිණි පිරිසක් මෙම මැර ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති අතර පසුව මින්නේරිය පොලීසිය එම පලාගිය සැකකරුවන්ගෙන් තිදෙනෙකු සහ ඔවුන් ගමන්ගත්  ත්‍රිරෝද රථය අත් අඩංගුවට ගෙන තිබේ.


සැකකරුවන් ගිරිතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇති අතර එම පහරදීමෙන් තුවාල ලැබූ හෙද නිලධාරීවරයා සහ සෞඛ්‍ය සේවකයා මේවනවිට පොලාන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.



අදහස් (0)

ජයන්තිපුර රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයකුට මැර ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site