(ඉන්දිකා රාමනායක)
නීරෝධායන ඇඳිරි නීති සමයේ යතුරුපැදි භාවිතා කරමින් ජංගම වෙළඳාමේ නිරත වෙළෙදුන්ගේ යතුරුපැදි පැහැර ගැනීමේ නිරත කණ්ඩායමක ප්‍රධාන සැකකරු රාගම බටුවත්ත ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් නිරෝධායන ඇඳිරි නීති සමයේ ජංගම වෙළඳාමේ නිරත වීම සම්බන්ධයෙන් වෙළෙඳුන්ගෙන් ප්‍රශ්න කර, ඔවුන්ගේ යතුරුපැදිවල නීතියානුකූල සියලු ලියකියවිලි සැකකරුවන් භාරයට ගෙන පසුව යතුරුපැදිය ද පැහැරගෙන පළා යන බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත.
සිද්ධියේ ප්‍රධාන සැකකරු ඉකුත් 27 වැනි දින කඩවත පොලිස් වසමේ දී තැඹිලි වෙළඳාමේ නිරත ජංගම වෙළෙන්දෙක් ගේ යතුරු පැදිය සහ එහි ලියකියවිලි රැගෙන පලාගොස් තිබූ බවත් මේ සම්බන්ධයෙන් කඩවත පොලිසියට ද පැමිණිලි ලැබී තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.
එම තොරතුරු අනුව පරීක්ෂණ පවත්වා සිද්ධියේ ප්‍රධාන සැකකරු විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්ට විසින් ඊයේ (29) රාගම බටුවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු විසින් කඩවත ජංගම තැඹිලි වෙළෙන්දා ගෙන් පැහැරගත් යතුරු පැදිය හා එහි ලියකියවිලි , ආදායම් බලපත්‍ර,රක්ෂණ බලපත්‍ර ඇතුලු සියලු ලේඛන ද සැකකරු බාරයේ තිබී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් මේ ආකාරයෙන් පැහැර ගන්නා ලද යතුරු පැදි විකුණා ඇති බවත් ඉහත යතුරු පැදියද ඔවුන් විකීණීමට සූදානමින් සිට ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම කල්ලිය මේ ආකාරයෙන්ම යතුරුපැදි රැසක් කොල්ලකා ඇති බවට විශේෂ කාර්ය බලකායට තොරතුරු ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජංගම වෙළන්දන්ගේ යතුරුපැදි පැහැරගත් අයෙක් අත්අඩංගුවට