(ටී. එල්. ජව්ෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපයක් තිස්සේ ඇදහැළුණු මෝස්ම් වරුෂාව හේතුවෙන් පවුල් 10,716ක පුද්ගලයන් 35,642 පීඩාවට පත්ව ඇති බව මඩකලපුව දිස්ත්‍රික්කයේ දිසාපති කේ. කරුණාකරන් මහතා පැවසීය.
කාත්තාන්කුඩි ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 6680 ක 22,496දෙනෙකු, කොරලේපත්තුඅව වාකරේ ප්‍රදේශයේ පුද්ගලයින් 5689 දෙනකු , මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 1561 ක 5037 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
කොරලේපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 402 ක 1285 දෙනෙකු, කොර්ලෙපත්තුව මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 139 ක 464 දෙනෙකු, මන්මුනේපත්තුව ආරයන්පති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 108 ක 359 දෙනෙකු, කොර්ලෙපත්තුව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 29 ක 128 දෙනෙකු, පට්ටිපලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 28 ක 97 දෙනෙකු, එරාවුර් සෙන්ගලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේපවුල් 10ක 32 දෙදෙනෙකු, මන්මුනේ උතුර වවුනතිවු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 9ක 25 දෙනෙකු, පෝරතිවුපත්තුව වෙල්ලාවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6ක 9 දෙනෙකු, කලුවන්චිකුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2ක 11 දෙනෙකු, කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2ක 8 දෙනකු පීඩාවට පත්ව් ඈත.
මීට අමතර කිරාන් සෙන්ගලඩි වවූනතිවු ප්‍රදේශයේ නිවාස 2ක් , වාකරේ කොරලේපත්තුව මධ්‍යම වාලච්චේන, මන්මුනේ උතුර කලුවාන්චිකුඩි යනාදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක නිවසක් බැගින් අර්ධ හානිවූ නිවාස සංඛ්‍යාව 10කි. ගංවතුර ආපදාවෙන් පීඩාවට පත්වුවන් කොරෝනා වයිරසය ව්‍යප්තිය මර්දනයට අදාළ නීති රිතීවලට අනුව ඥාතීන්ගේ නිවෙස්වල නතර කර ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගංවතුරින් මඩකලපුවේ 35,642දෙනෙක් පීඩාවට