IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගලේවෙල පුවක්පිටිය-නබඩගහවත්ත අවදානමේ

 (කාංචන කුමාර ආරියදාස)

 
ගලේවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පුවක්පිටිය සහ නබඩගහවත්ත ප්‍රදේශවලින් දිගින් දිගටම කෝවිඩ් ආසාදිතයන් හමුවීම නිසා ඉදිරියේ දී සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව සංචාරණ නීති පැනවීමට සිදුවන බව ගලේවෙල  ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් රත්නායක මහතා අද(8)  පැවසීය.
 
පසුගියදා අවමඟුල් උත්සවයකට සහභාගී වී ඉතා අනාරක්ෂිත ලෙස පුද්ගලයන් ගැවසීම නිසා සිදුකළ හදිසි පිසිආර්  පරීක්ෂණවලින් අනතුරුව මේ වන විට  පුවක්පිටිය සහ නබඩගහවත්ත ප්‍රදේශවලින්  ආසාදනය වූ බොහෝ දෙනෙක් හමු වෙමින් පවතින බවත්, අද තවත් පුද්ගලයන් 6 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
 
මෙම 6දෙනා සමග ගලේවෙල කොට්ඨාසයෙන් කොවිඩ් 19  ආසාදනය වූ පුද්ගලයන් 35දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එක් අයෙකු මිය ගිය ගොස් ඇතැයි ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
ගලේවෙල පුවක්පිටිය සහනබඩගහවත්ත ප්‍රදේශයේ  පුද්ගලයන් අහඹු ලෙස තෝරා ගෙන පිසිආර්  පරීක්ෂණ 8 දින දවස පුරා සිදුකරන බවත් මෙම සිදුකරන ලද පරීක්ෂණ වාර්තා අනුව ඉදිරියේදී මෙම ප්‍රදේශයට සංචරණ නීති පැනවීමට අවධානය යොමු කරන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.



අදහස් (1)

ගලේවෙල පුවක්පිටිය-නබඩගහවත්ත අවදානමේ

Sumeda Saturday, 09 January 2021 04:30 AM

ඉතා හෙද දෙයක් දිගටම කරගෙන යන්න ඔයාගේ උපකර ගොඩක් සතුටියි හොදයි නියමයි බුදුසරනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site