IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ගාල්ල ලංගම ඩිපෝවේ සිව්දෙනෙකුගේ වැඩ තහනම්

(ඩී. ජී. සුගතපාල)
 
ගාල්ල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවෙන් බස් ප්‍රවේශපත්‍ර යන්ත්‍රයක් සොරාගෙන මගීන්ට ව්‍යාජ ටිකට්පත් නිකුත් කර රුපියල් ලක්ෂ ගණනක් වංචා කිරීම සම්බන්ධයෙන් ගාලු ඩිපෝවේ කළමනාකරු ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුණු  පළාත් ප්‍රාදේශීය කළමනාකාර කාර්යාලය පවසයි.
 
ඩිපෝ කළමනාකරු, පරිගණක ක්‍රියාකරුවන් දෙදෙනා සහ යෙදවීම් නිලධාරි යන සිව්දෙනා වැඩ තහනමට ලක්කර ඇති අතර එම යෙදවීම් නිලධාරියාද පරිගණක කටයුතුවල නිරත වන අයෙකු බව ලංගම උසස් නිලධාරියෙක් පැවසීය.
 
සිද්ධිය වාර්තාවීමෙන් පසුව නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් පැමිණි නිලධාරි කණ්ඩායමක් විසින් මූලික පරීක්ෂණ පවත්වා මෙම සිව්දෙනාගේ වැඩ තහනම් කර ඇත. 
 
මේ වනවිට ව්‍යාජ ටිකට්පත් නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගාල්ල පොලිසිය පැවසුවේ තවත් ටිකට් යන්ත්‍ර දෙකක් අතුරුදහන් වී ඇති බවට තවත් පැමිණිල්ලක් ලැබී ඇති බවය.
 
සොරකම් කරන ලද ටිකට් යන්ත්‍රය වඳුරඹ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. වසරකට ආසන්න කාලයක් තිස්සේ ලංගමයට රුපියල් ලක්ෂ පහකට අධික පාඩුවක් සිදුව ඇතිබවද අනාවරණය කරගෙන තිබේ.



අදහස් (0)

ගාල්ල ලංගම ඩිපෝවේ සිව්දෙනෙකුගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32359 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14869 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site