IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගාල්ල මහ නගර සභා රැස්වීමේ ගාල ගෝට්ටියක්

(ඩී.ජී.සුගතපාල)
 
මන්ත්‍රීවරුන්ගේ මේස මත,  සභාව ආරම්භ වීමට පෙර තබා  තිබු ලිපියක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්  කරුණු විමසීම හේතුවෙන් අද (20) පැවති ගාල්ල මහ නගර සභා රැස්වීම එකම ගාල ගෝට්ටියක් බවට පත්විය.
 
නගරාධිපති ප්‍රියන්ත සහබන්දු(පො.පෙ) මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
 
සභාව ආරම්භයේදිම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් ගමගේ මහතා ලිපියක් සභාවට පෙන්වමින් එය මන්ත්‍රීවරුන්ගේ මේස මත තබා ඇති බවත් එය තබා ඇත්තේ කවුරුන්දැයි යනුවෙනුත් විමසා සිටියේය. මෙය බරපතල දෙයක් බවත් බෝම්බයක් වුවත් මේ ලෙස තබා යාහැකි නිසා මේ පිළිබඳ සොයා බලන ලෙසත් ඉල්ලා සිටියේය.
 
ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කලාපය විවේචනය කරමින් මන්ත්‍රීවරුන්ගේ මේස මත එම ලිපිය තබා තිබිණී.
 
මෙහිදි නගරාධිපතිවරයා මෙම ලිපිය ගෙනැවිත් තබන ලද පුද්ගලයා  සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බව කියා නිහඬව සභාව පවත්වා ගෙන යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ජනතා විමක්ති පෙරමුණේ සුනිල් ගමගේ කතා කරමින් තමන්ට කතා කිරීමට අයිතියක් තිබෙන බවත් මෙවැනි ලිපියක් සභාව ආරම්භයට පෙර මේස මත ගෙනැවිත් තැබීම බරපතල දෙයක් බවත් කියා සිටියේය.
 
මෙහිදි පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය. පසුව මෙයට විරෝධය පළ කරමින් තමන් පිටව යන බව පවසා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු දෙදෙනා සහ මන්ත්‍රීවරිය සභා ගැබෙන් පිටවු අතර එම අවස්ථාවේ සභාවේ සිටි අනෙක් මන්ත්‍රීවරු එම තිදෙනාට හූ කියන්නට වුහ.

පසුව එම තිදෙනා සභා ගැබෙන් පිටතට පැමිණි අවස්ථාවේ පිටත සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු සමග ද වචන හුවමාරුවක් සිදු විය.



අදහස් (0)

ගාල්ල මහ නගර සභා රැස්වීමේ ගාල ගෝට්ටියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site