IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගාල්ලේ පළමු නියෝජ්‍ය නගරාධිපතිනිය මියයයි

(සිරංගිකා ලොකුකරවිට)
 
ගාල්ල මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථම නාගරික මන්ත්‍රීවරිය හා නියෝජ්‍ය නගරාධිපතිනිය වූ එන්.ඩී.විජේනායක (සීතා) මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
 
නැසී ගිය ගාල්ල ප්‍රධාන තැපැල් ස්ථානාධිපති එන්.ඩී.විජේනායක මහතාගේ බිරිඳ වූ ඇය මියයනවිට 87වන වියේ පසුවිය. විජේනායක මහත්මිය දරුවන් 06 දෙනකුගේ මවකි.
 
මීටියාගොඩ උපත ලබා ඇති  විජේනායක මහත්මිය ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. 1979 දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගාල්ල කොට්ඨාසයෙන් නගර සභාවට තේරීපත්වූ ඇය 1983/84 වසරවල නියෝජ්‍ය නගරාධිපති ධූරය දැරුවාය.
 
මියයන තුරුම ප්‍රකට සමාජ සේවිකාවක ලෙස කටයුතු කළ විජේනායක මහත්මිය ගාල්ල කොටුවේ පෞරාණිකත්වය ආරක්ෂා කරගනිමින් සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා නිවාසගත සංචාරක නිකේතන ක්‍රමය හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක නිරතවූ අයෙකි.
 
ගාල්ල කොටුවේ ලයිට් හවුස් විදිය අංක 65 නිවසේ දේහය තැන්පත් කර ඇති අතර හෙට (02) උදෑසන ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව පෙ.ව. 10.30ට දඩල්ල ආදාහනාගාරයේ දී අවසන්කටයුතු සිදු කිරීමට නියමිතය.
 



අදහස් (0)

ගාල්ලේ පළමු නියෝජ්‍ය නගරාධිපතිනිය මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site