(පැතුම් දර්ශන)
ගලෙන්බිඳුනුවැව පොලිස් වසමට අයත් ගලපිටගල ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධන් හාරමින් සිටි කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනකු අද(01) උදෑසන අත්අඩංගුවට ගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.
නිවෙසක් පිටුපස ලිඳක් හාරන මුවාවෙන් නිදානයක් හාරන බවට ගලෙන්බිදුනුවැව පොලිසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලපිටගල, කහටගස්දිගිලිය රත්මල්ගහ වැව, සහ අලව්ව යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.
සැකකාර කාන්තාව මෙහි යකදුරා වශයෙන් කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
දින ගනනාවක සිට සැකකරුවන් මෙම ළිද හාරා ඇති බව පවසන පොලිසිය ඒ අතරතුරදී සූක්ෂම ලෙස ඒ අසලින් තවත් වළක් හාරා ඇති බව කියයි. පොලිසිය එම ස්ථානයට යන විටත් සැකකාර කාන්තාව පුටුවක වාඩි වී දේව යාඥාවන් සිදුකරමින් සිට ඇති අතර එහිදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් නිදහන් හැරීමට යොදාගත් උදලු දෙකක්, පිකස් එකක්, සහ පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගලපිටගල නිධන් හෑරු කතක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට