(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ගල්කිස්ස ද සේරම් මාවත මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවී මියගිය තවත් තරුණයකුගේ සිරුරක් අද (25) සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි.
ඒ අනුව මියගිය තරුණයින් දෙදෙනාගේම සිරුරු මේ වනවිට හමුවී ඇතැයි ද පොලීසිය කියයි.
මෙලෙස දෙවන වර හමු වූ තරුණයා නුවරඑළිය, පූඩලු ඔය, හැරෝවත්තේ පදිංචි ඉලංගෝන් ජීවගන් 19 හැවිරිදි තරුණයෙකි.
පිළියන්දල ප්‍රදේශයේ සබන් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටින මෙම තරුණයා ඇතුළු 13 දෙනෙකු ගල්කිස්ස මුහුදු තීරයට ගොස් දිය නාමින් සිටියදී එකවරම දිය වැලකට හසු වී තරුණයන් හත් දෙනෙකු මුහුදේ ගසාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි. .
පසුව එම අවස්ථාවේදී ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී දිය වැලට හසුවී ගසාගෙන යමින් සිටි තරුණයින් පස්දෙනෙකු බේරාගෙන ඇති අතර ඉන් තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වූ බව පොලීසිය පවසයි.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේ දී අද (25) පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගල්කිස්ස මුහුදේ නාන්න ගිය තරුණයකුගේ සිරුරක් ගොඩ ගසයි