(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය හොල්ගම ප්‍රදේශයේ පිහිටි ගල්කොරි දෙකක කඩන ගල් ප්‍රවාහන ලොරි රථ වලින් ප්‍රවාහනය කිරිමේ දී විශාල පරිසර හානියක් සිදු වන බව පවසමින් ගම්වාසීන් පිරිසක් ලොරි රථ හරස් කරමින් අද (5) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.
ගල් කොරි දෙකේ සිට දිනකට ටිපර් රථ 500 ක් පමණ හොල්ගම හරහා ධාවනය වන බවත්, කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර අතරමග නතර කර ඇති හොල්ගම මාර්ගයේ දුවිල්ල ප්‍රධාන මාර්ගය අභියස පිහිටි තම නිවාස තුළට පැමිණෙන බවත්, පවත්නා තත්ත්වය මත ගම්වාසීන් විවිධ ශ්වසන රෝග වැළදීමේ අවදානමක් ලක් වී ඇති බවත් ඔවුහු පවසති.
තමන් පානීය ජලය ලබා ගන්නා ජල මුලාශ වලටද ටිපර් රථ ධාවනය කිරිමෙන් ඇති වන දුවිල්ල මුසුවිමෙන් පානීය ජල ගැටළුවක් ද මතු වී ඇති බවත් මෙයට විසඳුමක් ලබාදෙන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා ටිපර් රථවලට ධාවනය කිරිමට අවස්ථාව නොදෙන බව ඔවුහු කියති.
ගල් ප්‍රවාහනය කරන ටිපර් රථ අයිතිකරුවන් එම මාර්ගයට දිනකට අවස්ථා කිහිපයක දී දුවිල්ල විහිදිම අවම කිරිම සඳහා ජල බවුසර් යොදා ගනිමින් ජලය ඉසින බවට පොරොන්දු වුවද එය සිදු නොකරන බව උද්ඝෝෂණයේ නියැලී සිටි හොල්ගම ගම්වාසින් කියා සිටී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගල්කොරි දෙකක ගල් ප්‍රවාහන ලොරි නතර කරන්නැයි ඉල්ලා උද්ඝෝෂනයක