IMG-LOGO

‘ගුරු අභිමානී‘ ශිෂ්‍යත්ව ලබාදිම බත්තරමුල්ලේදී

(ළහිරු හර්ෂණ)

පෙර පාසල් ගුරුවරුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ “ගුරු අභිමානි” ශිෂ්‍යත්ව වැඩසටහන බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේදී  පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් මැතිතුමන්ගේ හා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන  සේවා රාජ්‍ය අමාත්‍ය  මෙය පියල් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙහිදී එංගලන්තයේ "ලන්ඩන් ස්කුල් ඔෆ් එඩියුකේශන්" ආයතනය මගින් එක් ගුරුවරයෙකුට රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුක්ත වන පරිදි මෙරට  පෙර පාසල් ගුරුවරුන් 1500ක් සඳහා මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිණි. මෙම පාඨමාලව සඳහා මස 06ක කාලයක් ගතවන අතර, එය අවසානයේදී ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ගුරුවරුන්ට හිමිවේ. 

එමෙන්ම මෙම වැඩසටහනට සමගාමිව මනස සෙමෙන් වර්ධනය වන දරුවන්ට ඉතා ඉහල වටිනාකමකින් යුත් පෝෂණ මල්ලක් පිරිනැමීම හා වයස අවුරුදු 8 ට වැඩි දරුවන් හා වැඩිහිටියන් සඳහා ලෝකයේ දෙවන වතාවට භාෂා 10ක් ඉගෙනගැනීමට හැකි යූටුයුබ් නාලිකාවක් ආරම්භ කිරීමද මෙහිදී සිදුවිය.



අදහස් (0)

‘ගුරු අභිමානී‘ ශිෂ්‍යත්ව ලබාදිම බත්තරමුල්ලේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 480 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site