(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (26) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
මේ අනුව කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 61,511 දෙනෙකි.
දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට පැය 24ක් තුල ආසාදිතයින් හමුවීම, මහර කොට්ඨාසයෙන් - 67ක්, වත්තල - 65 ක්, මීරිගම සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් - 57 දෙනෙකු බැගින්, අත්තනගල්ල - 50ක්, බියගම - 49ක්, දොම්පෙ - 48 ක්, කැලණිය - 37ක්, ජාඇල - 23ක්, දිවුලපිටිය - 22ක්, සීදූව - 17ක්, මිනුවන්ගොඩ සහ රාගම - 15 දෙනෙකු බැගින් සහ මීගමුව කොට්ඨාසයෙන් සිව් දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක කාලය තුල ආසාදිතයින් 336 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ටත් , ආසාදිතයින් බවට සැක කෙරෙන රෝගීන් 169 දෙනෙකු රෝහල්වලටත් ඇතුලත් කොට ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය.
එම කාලය තුල දිස්ත්‍රික්කයෙහි කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 48 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 23 ක්, බියගමින් - 8 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 17 දෙනෙකු වශයෙනි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,139 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 566ක්
Jayashantha Tuesday, 27 July 2021 10:23 AM
මම හැමදාම මේ සයිට් එකේ ගම්පහ දිස්ත්‍රික්කයේ අප්ඩේට් එක බලනවා .ඒත් හෙට රජයේ නිවේදනයට අනුව ලොකු ගැප් එකක් තියෙනවා