
(හර්ෂණ තුෂාර සිල්වා)
ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශවල ජනතාවට බඩු භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සතොස, කෝප් සිටි මිනි කෝප් සිටි සහ වැලිසර ආර්ථික මධ්‍යස්ථානය හෙට (9) සිට විවෘත කර තබන බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි එම පියවර ගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ සතොස ශාඛා 47ක් තිබෙන බවත් ඒ සියල්ල අද සිට විවෘත කර තැබෙන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශවල ජනතාවට හිඟයකින් තොරව භාණ්ඩ සැපයීමට රජය ක්‍රියාත්මක කරන වැඩසටහනට සහාය වීම සඳහා මෙම පියවර ගන්නා බව ද හෙතෙම කීය.
මේ අනුව වැලිසර ආර්ථික මධ්‍යස්ථානය විවෘතව තබන්නැයි උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා කීවේය.
ගම්පහ පොලිස් කොට්ඨාසයේ සියලු පොලිස් බල ප්‍රදේශවලටත්, මීගමුව සහ කැලණිය පොලිස් කොට්ඨාසවල පොලිස් බල ප්‍රදේශ දෙකකටත් නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගම්පහ දිස්ත්‍රික්කයේ සතොස ශාඛා 47ක් විවෘත කෙරේ
එමි විජේසිරි Thursday, 08 October 2020 02:43 PM
බඩු භාහිරාදිය බෙදාදිමෙිදි දුරකථන සමිබන්ධතාවයෙන් යුතුව එක් අයකු බැගින් ගෙන්වා ලබාගැනිම සිදු කිරිම සුදුසුය