IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගම්පහ තැපැල් කාර්යාල වසාදමයි

(විනීතා එම් ගමගේ)
 
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් හා උපතැපැල් කාර්යාල මේ මස 17 වැනිදා දක්වා වසා තබන බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි.
 
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ රාශියක් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බැවින් මෙම තීරණය ගත් බව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම් ) රාජිත රණසිංහ මහතා ලංකාදීපයට අද(09) පැවැසීය.
 
මේ තත්ත්වය යටතේ සමහර සේවකයන් ගෙන්වා ගැනීමට කිසිදු ක්‍රමයක් නැති බැවින් ද තැපැල් කාර්යාල විවෘත කළත් පාරිභෝගිකයන්ට තැපැල්හල් වෙත පැමිණීමට නොහැකි බැවින් ද මෙසේ වසා තැබීමට තීරණය කළ බව ද රණසිංහ මහතා කීය.
 
මේ අතර මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවාවන් ද මේ මස 17 වැනිදා දක්වා නතර කර ඇතැයි ද ඒ අනුව විදේශ තැපැල් අංශය හා සීඝ්‍රගාමී තැපැල් සේවාව ද වසා තබන බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා කීය.
 
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය නැති ප්‍රදේශවල තැපැල් හල්වල අද දිනය දක්වා සිදුකිරීමට නියමිතව තිබු විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩ පිළිවෙළ ද නතර කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
 
කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කය හැර අනෙක් සියලු පළාත්වල තැපැල් හා උපතැපැල් කාර්යාල සාමාන්‍ය පරිදි විවෘත කොට තැබෙන බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ගම්පහ තැපැල් කාර්යාල වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site