IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගම්පහ ජනතාව සංචරණය සීමා කරති

( ගම්පහ තිලකරත්න දිසානායක)

කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානම නිසා ගම්පහ  නගරයට ජනතාව පැමිණීමේ අඩුවක් පෙනෙන්නට ඇතැයි පොලිසිය කියයි.

මෙම කාලසීමාවෙහි අත්‍යාවශ්‍ය කරුණකට හැර නගරයන් කරා පැමිණීමෙන් වලකින ලෙසත් සංචරණය සීමා කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් සෞඛ්‍ය අංශ සහ පොලීසිය මගින් දැනුවත් කිරීම සැලකිල්ලට ගනිමින් ජනතාව මෙලෙස කටයුතු කිරීම යහපත් තත්ත්වයක් බවත් පොලීසිය පවසයි.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කොට සිටියේ , ගම්පහ කොට්ඨාසයෙන් දෛනිකව කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් හමුවීම සහ රෝග තත්ත්වය සීග්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුව ඇති බවය.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සහ සංරචනය සීමා කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවතින තත්ත්වය තේරුම් ගනිමින් ජනතාව ක්‍රියාකළ යුතුව ඇතැයි ද කීය.



අදහස් (0)

ගම්පහ ජනතාව සංචරණය සීමා කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site