(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ගංගා සහ ඔයවල් තුනකට, ස්ථාන 170 කින් අපද්‍රව්‍ය බැහැර කෙරෙන බවට හඳුනාගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ (පරිසර දූෂණ පාලන) ආචාර්ය සංජය රත්නායක මහතා සඳහන් කළේය.
සුරකිමු ගංගා වැඩ පිළිවෙළ යටතේ ගංගා පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් මේ යටතේ දිවයිනෙහි ප්‍රධාන ගංගා සහ ඔයවල් 103 ක දූෂණය වන ස්ථාන 10,000 ක් පමණ මේ වනවිට හඳුනාගනිමින් පවිත්‍ර කිරීමට පියවර ගෙන ඇති බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කොට සිටියේ ගම්පහ පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.
ගංගා ජලය පානය කිරීම පිණිස ජනතාව වැඩි වශයෙන් ලබාගනිද්දී කර්මාන්තශාලා අපද්‍රව්‍ය සහ නිවාස ඇතුළු විවිධ ස්ථාන මගින් වැසිකිළි අපද්‍රව්‍ය පවා ගංගා සහ ඔය මාර්ගයන්ට සෘජුවම බැහැර කෙරෙන තත්ත්වයක් පවතින බව අධ්‍යක්ෂවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගලා බසින කැලණි ගඟ, අත්තනගලුඔය සහ මාඔයෙහි දැනට අපවිත්‍ර කෙරෙන බවට හඳුනාගෙන ඇති ස්ථාන පවිත්‍ර කිරීම පිණිස පවතින ගැටළු අදාල ප්‍රදේශයන්හි ග්‍රාමීය හා ප්‍රාදේශීය කමිටු මගින් හදුනාගනිමින් දිස්ත්‍රික් කමිටුව වෙත යොමු කළ යුතුව ඇති බව සංජය රත්නායක මහතා පැහැදිලි කළේය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගම්පහ ගංගාවලට ස්ථාන 170කින් අපද්‍රව්‍ය දමයි