(තිලකරත්න දිසානායක)
ගම්පහ මහ නගර සභාව මගින් නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන වයෝවෘද්ධ වැසියන්ගේ නිවෙස් වෙත ගොස් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට පියවර ගෙන ඇත.
ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාගේ අදහසකට අනුව නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සදරුවන් පනාපිටිය මහතාගේ මෙහෙයවීම මත මෙම එන්නත්කරණ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන අතර වෛද්‍ය මිතුම් පෙරේරා මහතා ස්වේච්ඡාවෙන් සහාය ලබාදීම සිදු කරයි.
මෙම වැඩපිළිවෙළට අනුව දැනට 250 දෙනෙකුට පමණ එන්නත ලබා දීම සිදු කොට ඇති බවත් මේ යටතේ එන්නත ලබා ගැනීමට අපේක්ෂා කරන වැඩිහිටියන් හට , ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයා හෝ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කරමින් " සයිනෝෆාම් " එන්නත ලබා ගැනීමට හැකි බවත් නගරාධිපති එරංග සේනානායක මහතා දැනුම් දීමක් කර සිටී.
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
351
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගම්පහත් ගෙයින් ගෙට ගොස් එන්නත් දීම අරඹයි
අනෙක් නගර වාසීන් Wednesday, 25 August 2021 02:37 PM
මෙය ඉතා හොඳ වැඩපිළිවෙලක්. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ නගරවලට මෙන්ම අනෙක් දිස්ත්‍රික්කවල අඩු ආදායම් ලාභී ජනපදවලට මෙය විශේෂයෙන් කළයුතුයි. අඩු පහසුකම් සහිත ජනතාවට තමන් ගැන සිතන්න වෙලානැතිව වැඩ පමණක් කරමින් ජීවත් වෙනවා. ඔවුන් වැඩියෙන්ම මෙය පැතිරීමට හේතුවෙන්නේ ඔවුන්ගේ පීඩාකාරී දිවිපෙවත හේතුවෙන්.