(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ තවත් ගිනි අවි තුනක කොටස් ද විවිධ ප්‍රමාණයේ ඇත් දළ හතරක් ළඟ ගත්තැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රණේපුර හේවගේ පේමසිරි නමැති 58 හැවිරිදි සැකකරුවෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් ගිනි අවි සහ ඇත්දළ රජයේ රස පරික්ෂකවරයා වෙත යවා වාර්තාවක් ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.
සැකකරු ඉමදුව හව්පෙ ප්‍රදේශයේ ගිනිඅවි නිෂ්පාදන කම්හලක් පවත්වා ගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් එම ස්ථානය වටලා ගිනිඅවි සහ ඇත්දළ 4 අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඉමදූව පොලිසියට බාරදී ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගිනිඅවි - ඇත්දළ ළඟ තබාගත් සැකකරු රිමාන්ඩ්