(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ගාල්ල හව්පේ ප්‍රදේශයේ නීතිවිරෝධී ගිනි අවි නිපදවන කම්හලක් වටලා අවි ආයුධ හා ඇත් දළ හතරක් සමඟ පුද්ගලයකු අද (25) රාත්‍රියේ සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
එම ඒකකයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකජේ.පතිරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව දකුණු පළාත බාර ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු හා නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න යන මහත්වරුන්ගේ අවසරය හා උපදෙස් මත මෙම වැටලීම සිදු කර තිබේ.
එහිදී සැකකරු විසින් නිෂ්පාදනය කළ බව කියන ගල් කටස් වර්ගයේ ගිනි අවි තුනක්, ඒවාට යොදන පතොරම් කොපු හතරක් හා ඇත් දළ 4 ක් පොලීස් බාරයට ගැණිනි.
ඇතිමලේ ප්‍රදේශයෙන් එම ඇත් දළ ගෙනවිත් ඇති බව පවසා රුපියල් ලක්ෂ 5 – 10 ත් අතර මුදලකට ඒවා අලෙවි කරන බව කියති.
එම ඇත් දල සැබෑ ඒවාද එසේත් නොමැති නම් ව්‍යාජ ඒවාද යන්න තහවුරු කර ගැනීම සදහා වන ජීවී දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැදවීමට නියමිතය.
හව්පේ පදිංචි 58 හැවිරිදි සැකකරු මීට පෙරද අවස්ථා දෙකකදී මෙම චෝදනාවට පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකි.
සැකකරු හෙට (26) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගිනිඅවි - ඇත්දළ සමඟ අයෙක් අත්අඩංගුවට