IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොළඹ වරායේ සේවකයන් 200 කගෙන් පීසීආර් ගනී

කොළඹ වරායේ මෙහෙයුම් අඛණ්ඩව හා ගුණාත්මකව පවත්වාගෙන යෑම සඳහා කැප වී සිටින සේවක සේවක සේවීකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්‍ෂිතව පවත්වාගෙන යෑම සඳහා අහඹු ලෙස තෝරාගත් 200 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

කොළඹ වරායේ යාත්‍රා අංගන පරිශ්‍රයේදී එම පිරිස සඳහා අද (3) පී.සී.ආර්. පරීක්ෂණ සිදු කෙරුණි.

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු වන අතර, රට පුරා උද්ගත වී ඇති වසංගත තත්ත්වය සලකා බලමින් වරායේ මෙහෙයුම් හා ඊට අදාළ සියලු සේවා සහ සම්බන්ධ වන සියලු අයගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට සෑම පියවරක්ම ගෙන ඇතැයි ද වරාය අධිකාරිය සඳහන් කරයි. එසේම සෞඛ්‍ය බලධාරීන් නිකුත් කර ඇති සෞඛ්‍ය රෙගුලාසි නිසි පරිදි ක්‍රියාවට නංවා ඇතැයි එම අධිකාරිය කියයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක, අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ උපුල් ජයතිස්ස, අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත අබේසිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද පී.සී.ආර්. පරීක්ෂණ කළ අවස්ථාවට එක්ව සිටියහ. 

055



අදහස් (0)

කොළඹ වරායේ සේවකයන් 200 කගෙන් පීසීආර් ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site