(ඩබ්. ඒ. පියතිලක)
කොළඹ-මඩකලපුව සීඝ්‍රගාමී දුම්රියට කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ තලපත කන්ද ප්‍රදේශයේදී අද (31) වනඅලියකු ගැටී මියගොස් ඇතැයි කවුඩුල්ල ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීහු කියති.
ජාතික හුරුළු උද්‍යානය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන අතර අලි සංක්‍රමණය වන තලපත කන්ද අලි මංකඩදි කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටී මෙම අලියා මියගොස් ඇත.
මිය ගිය අලියා වයස අවුරුදු 10 - ක් පමණ අඩි 7 ක් පමණ උසැති ගැහැණු සතෙකු බවද වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
මෙම තලපත කන්ද වනඅලි මාරු වෙන ස්ථානයේ දුම්රිය මාර්ගය කිලෝමීටර් එක හමාරක් පමණ එක දිගට පිහිටා ඇති බවත්, අවට වන අලි සිටින බවට පැහැදිලිව දක්නට ලැබුණත් මෙම ස්ථානයේ නිතර නිතර වන අලි දුම්රියට බිලිවීමට ප්‍රධාන හේතුව දුම්රිය රියදුරන්ගේ අපරීක්ෂාකාරි ලෙස දුම්රිය ධාවනය කිරීම බවත් වනජීවි නිලධාරීහු පවසති.
වනජීවී නිලධාරීහු සහ හබරණ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කොළඹ-මඩකලපුව දුම්රියේ ගැටී අලියෙක් නසී