IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කළුගගෙන් උමඟක් හරහා මාතලේ හිඹිලියාකඩට ජලය ලබාදෙන්න යයි

(ඉන්දික අරුණ කුමාර)

 
මාතලේ - විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඹිලියාකඩ (වෙහෙරගල) වැවට කළු ගඟ ජලාශයෙන් ජලය සපයා ගැනීම සදහා උමගක් ඉදිකිරීමට අදාලව මුලික ශඛ්‍යතා අධ්‍යයනයක් මේ වන විට සිදුවෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ගම සමග පිළිසදරක් වැඩ සටහනේදී උමගක් මගින් කළු ගඟ ජලාශයෙන් හිඹිලියාකඩ (වෙහෙරගල) වැවට ජලය ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව කළ ඉල්ලීමකට අනුව මෙම මුලීක අධ්‍යයනය සිදුකරනු ලබයි.

මේ වන විට මැනුම් කටයුතු අවසන් කර භූ විද්‍යාත්මක කටයුතු සිදුවෙමින් පවතින බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය කියා සිටියි.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වන්නේ නම් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඹිලියාකඩ ඇතුළු ගම්මාන රැසක ජනතාවගේ දිගුකාලීන වාරි ජල අවශ්‍යතාවය විසදුමක් ලැබෙනු ඇතැයි මාධ්‍ය ඒකකය නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ගම සමග පිළිසදර වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචන රැස්වීමේ දී  පසුගිය දා මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පැවැත්වු බවත්,  මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජි.කේ.පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතී මෙම  ප්‍රගති සමාලෝචන රැස්වීම සදහා රාජ්‍ය නිලධාරින් රැසක් ද එක්වු බවත් දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය කියා සිටියි.
 



අදහස් (0)

කළුගගෙන් උමඟක් හරහා මාතලේ හිඹිලියාකඩට ජලය ලබාදෙන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13561 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site