(කුෂාන් ජයවර්ධන)
දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම සදහා පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ලබා ගත් බව කියන වන ව්‍යාප්ති නිලධාරියකු අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගලෙන්බිදුණුවැව ප්‍රද්ශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව එම නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබිණ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය අඩවි වන නිලධාරී කාර්යාලයට අනියුත්තව සේවය කළ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පදිංචි වන ව්‍යාප්ති නිලධාරියෙකි.
කැකිරාව පාර ගලෙන්බිදුණුවැව ලිපිනයේ පදිංචි පුද්ගලයකුගේ ඉරණ ලද දැව තොගයක් ප්‍රවාහනය සදහා අදාළ නිලධාරියා අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් 30,000ක් කලින් ලබා ගෙන ඉතිරි මුදල ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පිහිටි අදාළ නිලධාරියාගේ නිවසේදී ලබා ගන්නා අවස්ථාවේ දී එම වන ව්‍යාප්ති නිලධාරීවරයා අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් එම නිලධාරියා ඊයේ රාත්‍රියේම ඉදිරි නීතිමය කටයුතු සදහා කහටගස්දිගිලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට අල්ලස් හා දූෂණ විමර්ශණ නිලධාරීන් පියවර ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 21
168
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
239
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1108
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කහටගස්දිගිලියේ වන ව්‍යාප්ති නිලධාරියෙක් අල්ලස් දැලේ