IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෙසෙල්ගමු ඔයේ ඇළ මාර්ගයේ මැණික් ගැරූ 8 ක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)                       

 

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (8)  අත්අඩංගුවට ගනු ලැබීය.

නොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි තේ වත්තේ වතු කාර්යය මණ්ඩලයේ වසා දමා ඇති නිල නිවාසයක් ආසන්නයේ සහ කෙසෙල්ගමුඔයට පොට්රි වතු යායේ සිට ජලය ගලා බසිනා පොට්රි ඇළ මාර්ගයේ සැකකරුවන් අනවසරෙන් මැණික් ගරමින් සිට තිබේ.

වසා දමා ඇති වතු කාර්යය මණ්ඩල නිල නිවසට විදුලි බලය ලබා දී ඇති වයරය පළුදු කර ඉතා සුක්ෂම ලෙස අනවසරෙන් විදුලිය ලබාගෙන මැණික් ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් පිටතට ශබ්දය නොඇසෙන සේ විදුලි බලයෙන් ක්‍රියා කරන ජලය ඉසින වතුර මෝටරයක් ද ආධාර කරගෙන මෙම මැණික් ගැරිම සිදු කරමින් සිටි  බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු පලා ගිය බවත් , සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

කෙසෙල්ගමු ඔයේ ඇළ මාර්ගයේ මැණික් ගැරූ 8 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site