IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කැස්බෑ බිත්තර 90ක් වෙරළින් ගොඩ අරන්


(රේඛා තරංගනී ෆොන්සේකා)
 
මොරටුව එගොඩඋයන පොලිස් වසමේ සිදුකළ පැය පහක මෙහෙයුමකින් කිසිවකු විසින් ගොඩදමා තිබූ   කැස්බෑ බිත්තර 90ක්, වරෙන්තුකරුවන් තුන්දෙනෙක් සහ හෙරොයින් ගංජා පානය කරන්නන් 6දෙනෙකු ඇතුලුව සියලු සැකකරුවන් 9දෙනෙකු අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය කියයි.
 
ප්‍රදේශය පුරා සිදු කෙරෙන අපරාධ මර්දනය කිරීමේ අරමුණින් විශේෂ පොලිස් මෙහෙයුමක් ලෙස  මෙම මෙහෙයුම සිදුකල බව පොලිසිය කියයි.
 
වෙරළ තීරයේ කැස්බෑ බිත්තර ගොඩ දමා ඇතැයි ලැබුණු තොරතුරකට අනුව සිදු කළ සොයා බැලීමේදී කැස්බෑ බිත්තර හමුවූ බවත් සැකකරුවන් සිට නැත. සඳහන් කරන පොලිසිය අත්අඩංගුවට ගත් කැස්බෑ බිත්තර වනජීවි නිලධාරීන් වෙත ලබාදීමට නියමිතය.
 
මෙම සැකකරැවන් නවදෙනා මොරටුව එගොඩඋයන පොලිස් බල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් කරන පොලිසිය මොවුන් අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.



අදහස් (0)

කැස්බෑ බිත්තර 90ක් වෙරළින් ගොඩ අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site