
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල, තොඩුවාව වෙරළ තීරයේදී කැස්බෑවන් දෙදෙනෙකු අද (17) දහවල් ඝාතනය කරමින් සිටි ධිවරයින් තිදෙනෙකු මාරවිල පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ තොඩුවාව ප්‍රදේශයේ ධිවරයින් 03 දෙනෙකු බව පොලිසිය කියයි.
සැකකාර ධිවරයින් පොලිස් නිලධාරින්ට පාපොච්චාරනය කර ඇත්තේ අද (17) උදෑසන ධීවර කටයුතු සඳහා තොඩුවාව වෙරළින් මුහුදු ගොස් ආපසු ගොඩවීමට එනවිට කැස්බැවන් දෙදෙනා දැලට පිටලී සිටියදී රැගෙන විත් ඇති බවයි.
කෙසේ නමුත් පොලිස් නිලධාරින් පවසන්නේ මෙම කැස්බෑවන් අල්ලා ගැනිමෙන් පසු මස් කර අලේවි කිරීමේ ජාවාරම දිගින් දිගටම කර ඇති බවට සැක කරන බවයි.
මරණ ලද කැස්බෑවන් දෙදෙනා අතර බිත්තර දැමිමට ආසන්න ගැහැණු කැස්බෑ සතෙකු සිටි බවද පොලිසිය කියයි.
රහසිගතව රැගෙන ආ කැස්බෑවන් දෙදෙනා තොඩුවාව වෙරළ තීරයේ කිසිවකු සැක නොසිතන අයුරින් රහසිගතව මස් කරමින් අලෙවි කිරීමට සූදානම් කරමින් සිටියදී පොලීසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබූ බව කියයි.
වැටලිමේදි මරණ ලද කැස්බෑවන් දෙදෙනාගේ පිටකටු දෙක හා මස් කිලෝ 20කට ආසන්න ප්‍රමාණයක්ද, තරාදිය ඇතුළු දෑ අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාර ධීවරයින් තිදෙනා මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.



2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කැස්බෑවන් මැරූ ධිවරයින් 3ක් අල්ලයි