
( රොමේෂ් මධුෂංඛ)
කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම්හි ඉදිවූ බෝවන රෝග රෝහල රජයේ නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන්, කිලිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරී එන්.සර්වනබවන්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්තී, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීස්වරන් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයන් යටතේ කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා සෙබලුන්ගේ ශ්‍රම දායකත්වය අනුව ක්‍රිෂ්ණපුරම්හි පිහිටි පැරණි යුද හමුදා පුහුණු පාසලක් මෙලෙස ප්‍රතිශංස්කාරණය කර කොවීඩ් රෝගීන් වෙනුවෙන් පිලිසකර කිරීමට පියවර ගෙන තිබුණි.
මේ අනවු රෝහලේ හදීසි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, රෝගී ප්‍රතිකාර වාට්ටු සංකීරණයක්, පුස්තකාලයක් හා ක්‍රීඩාපිටියකින්ද නව ක්‍රිෂ්ණපුරම්හි ඉදිවූ බෝවන රෝග රෝහලේ ස්ථාපිත කොට ඇත.
උතුරු පලාතේ කොවීඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර දීමේ හා ප්‍රතිකාර කිරීමේ රෝහලක් වහයෙන් මෙම නව රෝහල ප්‍රධාන වශයෙන් යොදා ගන්නා බවටද උතුරු පලාත් සෞඛ්‍ය සේවා නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.

2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් ඉදිවූ කිලිනොච්චිය රෝහල විවෘත කෙරේ