IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොවිඩ් ආසාදිතයන් රඳවා සිටින කෑගල්ල උඳුගොඩ රෝහල අසළ නායයාමක්


(නයෝමි දිල්රුක්ෂි)
 

කෑගල්ල ප්‍රදේශයට ඇතිවූ අධික වර්ෂාසහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කෑගල්ල කෝවිඩ් 19 රෝගීන් රඳවා සිටින උඳුගොඩ, කබගමුව රෝහල් පරිශ්‍රය අසළ ද නාය යෑමක් සිදුව ඇත.
 
කෑගල්ල දිසාපති  මහින්ද එස් වීරසූරිය මහතාගේ කඩිනම් උපදෙස් අනුව මේ වන විට රෝගීන්ට කිසිදු අවහිරයක් නොවන පරිදි තත්ත්වය ආරක්ෂිතව පාලනය කර ඇත.
 
ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී, ග්‍රාම නිලධාරීන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් , ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් එක්ව රෝහලේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබේ.
 
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කරඩුපොන හනදිය ජලයෙන් යටවීම නිසා ගමනාගමනට බාධා ඇතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට ලක්වූ නමුත් මේවනවිට මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කිරීමට කඩිනම් පියවර ගෙන ඇත. මේ වන විට තත්ත්වය  මුළුමනින්ම පාලනය කර තිබේ.
 
එමෙන්ම රෝහල් භූමියේ තවදුරටත් නාය යාමේ අවදානමක් පවතී ද යන්න සොයා බැලීම සඳහා හෙට දිනයේ දී ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂා කිරීමට නියමිතව ඇත.
 



අදහස් (0)

කොවිඩ් ආසාදිතයන් රඳවා සිටින කෑගල්ල උඳුගොඩ රෝහල අසළ නායයාමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site