IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කවුඩුල්ල ජලාශයේ වාන්දොරටු 2ක් අරී

 

(ක.ග. කරුණාරත්න)

නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මැදිරිගිරිය කවුඩුල්ල ජලාශයේ ජලය පිටාර මට්ටමට පිරෙමින් පවතින නිසා එහි  වාන් දොරටු 12න් 2ක් අඩි 01බැගින් විවෘත කිරීමට අද (11) සවස පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
 
කවුඩුල්ල ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 104,4000ක් වන අතර මේ වනවිට එහි ජල මට්ටම අක්කර අඩි 94,700කි.
 
දැනට විවෘතකර තිබෙන එම වාන් දොරටු මගින් තත්පරයකට ඝන අඩි 600ක පමණ ජල කඳක් පිටතට යැවෙන  බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා  පැවැසීය.
 
වර්ෂාව තවදුරටත් නොකඩවා පැවැතුණහොත් අතිරික්ත ජලය පිටතට මුදාහැරීමට ජලාශයේ වාන් දොරටු විවෘත කරන අඩි ප්‍රමාණය ඉහළ දැමීමට සිදුවනු ඇති බවද  කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

කවුඩුල්ල ජලාශයේ වාන්දොරටු 2ක් අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site