(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු හෝමාගම ගලවිලවත්ත සහ නාරාහේන්පිට ප්‍රදේශවලදී අද (23) ගිනි අවි, අත් බෝම්බ හා ජීව උණ්ඩ සමග අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අතර හිටපු ගුවන් හමුදා සෙබලෙකුද වන බව පොලිසිය කියයි.
පතරොම් තුවක්කු 02ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ජීව අත්බෝම්බයක්, බෝර 12 වර්ගයේ පතොරම් 34ක්, හිස් පතරොම් කොපු 15ක් හා යතුරු පැදියක් පොලිසිය බාරයට ගෙන ඇත.
කිරිල්ලවල, ගුරුතලාව, කොකිස් කඩේ, වැලිපිල්ලෑව, රාගම හා කඳාන යන ප්‍රදේශවල මූල්‍ය ආයතන සහ සුපිරි වෙළඳසැල් කොල්ලකෑම සම්බන්ධයෙන් එම සැකකරුවන් දෙදෙනා වසරක පමණ කාලයක සිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි බව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොල්ලකෑම් රැසකට සම්බන්ධ දෙදෙනෙකු අල්ලයි