IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කුලියාපිටිය ශික්ෂණ රෝහලට පීසීආර් යන්ත්‍රයක් සඳහා ලක්ෂ 55ක් ප්‍රා.සභාවෙන්

(දිනේෂ් උපේන්ද්‍ර)        

කුලියාපිටිය ප්‍රාදේශීය සභාව විසින් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට පීසීආර් යන්ත්‍රයක් සඳහා රුපියල් ලක්‍ෂ 55ක චෙක්පත්‍රය ලබාදීම එම සභාවේ ශ්‍රවණාගාරයේදී අද(18) සිදුවිය.

එහිදී කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති විජේසිරි ඒකනායක මහතා ඇතුලු මන්ත්‍රී මණ්ඩලය, සභාවේ ලේකම් ඇතුලු නිලධාරීන් සමග රැස්ව තිබූ කුඩා උත්සවයකදී කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ඇතුලු එම අවස්ථාවට සම්බන්ධවූ රෝහල් කාර්යමණ්ඩලය වෙත නිල වශයෙන් ඊට අදාල මුදල් චෙක්පත්‍රය පිරිනැමූහ.

එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා පැවසූයේ තමන් අදාළ යෝජනාව සිදුකළ මොහොතේම සභාවේ මන්ත්‍රීවරුන් 43 දෙනාම ඊට ආශිර්වාද එක්කරමින් කැමති වූ බවයි. මාර්ග පද්ධතියක් පිළිසකර කිරීමටත් එහාගිය වටිනාකමක් මේ මොහොතේ පීසීආර් යන්ත්‍රයක අවශ්‍යතාව මත පැවති බවද පැවසූ ඒ මහතා තම සභාවේ කිසිදු මන්ත්‍රීවරයෙකු කොන්ත්‍රාත් නොකර සභාවේ සේවකයින් මගින් සියලු සේවාවන් සිදුකිරීම හේතුවෙන් සැලකියයුතු මුදලක් ඉතිරිකරගැනීමට හැකිවූ බවද පැවසීය.

ශික්‍ෂණ රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතාද හදිසි අවස්ථාවල පීසීආර් ප්‍රථිඵල ලැබෙන තෙක් කුලියාපිටිය ජනතාව අසීරුවට පත්වන ආකාරය පිළිබඳවද විස්තර කරමින් කියාසිටියේ එවැනි හදිසි අවස්ථාවල මෙම පීසීආර් යන්ත්‍රය මහඟු පිටුවහලක් වනු ඇති බවට විශ්වාස බවයි. එහෙන්ම ඊට අදාළ පරීක්‍ෂණ කට්ටල ලබාගැනීමට අවශ්‍ය පියවර තමා ඇතුලු කාර්යමණ්ඩලය මගින් මේ වනවිටත් සිදුකර අවසන් බවද පැවසීය.

 



අදහස් (0)

කුලියාපිටිය ශික්ෂණ රෝහලට පීසීආර් යන්ත්‍රයක් සඳහා ලක්ෂ 55ක් ප්‍රා.සභාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site