IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කලමැටිය කලපුවේ මසුන් ඇල්ලිමට ගිය ධිවරයෙක් අතුරුදහන්

(ඩී.ජී. සුගතපාල)

කලමැටිය කලපුවේ මසුන් ඇල්ලිමට ගිය ධීවරයෙකු අතුරුදහන්වී ඇති බවට අද (17) සවස පැමිණිල්ලක් ලැබී ඇතැයි හුංගම පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්වී ඇත්තේ හුංගම මැදඑළිය පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.

තම සැමියා ධීවර කර්මාන්තයේ යෙදෙන බවත්, කලමැටිය කලපුවේ මසුන් ඇල්ලිමට ඊයේ ගිය අතර අද සවස් වනතුරුත් නිවසට නොපැමිණි බවත් පවසා ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මකවු පොලිසිය එම ස්ථානයට ගොස් කරන ලද විමර්ශණයේදී ඔහු විසින් ගෙන යන ලද උපකරණ සහ ඇඳුම් කලපුව අසල තිබි සොයාගෙන ඇත. ප්‍රදේශවාසින් පැවසුවේ කලපුවේ කිඹුලන්ද සිටින බවය.

නාවික හමුදාවේ සහාය ලබාගෙන කලපුවේ සෝදිසි කිරිම් ආරම්භ කිරිමට පියවර ගන්නා බව පොලිසිය පවසයි.



අදහස් (0)

කලමැටිය කලපුවේ මසුන් ඇල්ලිමට ගිය ධිවරයෙක් අතුරුදහන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site