IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කල්පිටි ගෙවීන්ගෙන් කොමසාරිස්ට ලිපියක්

(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය පාලකුඩාව ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී  රසායනික පොහොර බෙදා හැරීමේ දී සිදුව ඇතැ යි කියන අක්‍රමිකතාවයක් සම්බන්ධ‍යෙන් පාලකුඩාව ගොවි එකතුව සංවිධානය මගින් හලාවත ගොවි ජන සේවා සහකාර කොමසාරිස් වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම ගොවි සංවිධානයේ එම්.ක්‍රිස්ටි පෙරේරා මහතා පවසයි.

ගොවි ජන සේවා මධ්‍යස්ථානයට ලැබුණු සීමිත පොහොර මිටි සංඛ්‍යාවෙන් කොටසක්, කාර්‍ය මණ්ඩලය හා කමිටු සාමාජිකයින් අතර බෙදා ගැනීම හා මින් ඇතැමුන් විසින් පොහොර මිටි වැඩි මිළට අලෙවි කිරීම ද එවැණි අක්‍රමිකතා ලෙස ඔවුහූ ගොවි ජන සේවා කොමසාරිස්වරයා වෙත පැමිණිලි කර ඇත.

ලූණු,මිරිස් උඩ පහත දෙරටේ එළවලු වගාවේ නිරත ගොවීහූ රසායනික පොහොර අර්බුධයකට මැදිව සිටින මේ මොහොතේ විධිමත් ක්‍රියා පටිපාටියකින් බැහැරව පොහොර බෙදා හැරීම නිසා ප්‍රදේශවාසී සියලු ගොවීහූ අපහසුතාවයකට මුහුණ පා ඇතැ යි ඒ මහතා වැඩි දුරටත් පවසයි.

ඒ නිසා මේ පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔවුහූ සහකාර ගොවි ජන සේවා කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

අප මේ පිළිබදව හලාවත ගොවි ජන සේවා දිස්ත්‍රික් කාර්‍යාලයේ සහකාර කොමසාරිස් ජී.කේ.එස්.පුෂ්ප කුමාර මහතාගෙන් විමසූ වෙමු. ඒ මහතා පැවසුවේ රටේ පොහොර අර්බුදයක් තිබෙන නිසා එවැණි පැමිණිලි විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති බවය.

ඒ නිසා මෙම ගොවීන්ගේ පැමිණිල්ල පිළිබදව නිශ්චිතවම යමක් ප්‍රකාශ කළ නොහැකි බවත්  පැමිණිලි සියල්ල පිළිබදව සොයා බලන බවත් ඒ මහතා පැවසුවේ ය.



අදහස් (0)

කල්පිටි ගෙවීන්ගෙන් කොමසාරිස්ට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 698 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site