(අජිත්ලාල් ශාන්තඋදය)
කොරෝනා තත්ත්වයන් යටතේ අධිඅවදානම් ප්‍රදේශවල අය, නිරෝධායනයට ලක්වන පවුල්වල අය, මෙන්ම උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇති අය ප්‍රතිකාර සඳහා සෘජුවම රත්නපුර ශික්‍ෂණ මහ රෝහලට නොපැමිණ 071-9902261 දුරකතන අංකයට අමතා වෛද්‍ය උපදෙස් ලබාගෙන පැමිණෙන්නැයි රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පෙරවරු 08.00 සිට පස්වරු 04.00 තෙක් මෙම දුරකතන අංකය ක්‍රියාත්මක බව පැවසූ රෝහල් අධ්‍යක්‍ෂවරයා ඊට පිළිතුරු දෙන්නේ යෙකුම බවද අවධාරණය කළේය.
රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ කොරෝනා ආසාදිත තවට සැකකරන තැනැත්තන් වෙනුවෙන් ඇඳන් 24කින් යුතු වෙනම වාට්ටුවක් ද ස්ථාපිත කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා පවසයි.
රත්නපුර මහ රෝහලේ බාහිර රෝගීන්ගේ අංශයට, සායනවලට ආදියට පැමිණෙන කෝවිඞ් සංකූලතා ඇතැයි සැකකරන රෝගීන් මෙම විශේෂ වාට්ටුවට යොමුකර පීසීආර් පරීක්‍ෂණයක් පවත්වන බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය. එසේ සැකකරන පුද්ගලයින් හතරපස් දෙනෙක් දිනකට එම වාට්ටුවේ සිටින බවද ඔහු සඳහන් කළේය.
එසේ පීසීආර් පරීක්‍ෂණයකින් කෝවිඞ් 19 ආසාදිත බවට තහවුරු වුව හොත් වහාම එම තැනැත්තා කෝවිඞ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකරන බව ද කීවේය. රත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඞ් ප්‍රතිකර මධ්‍යස්ථාන තුනක් මේ වනවිට පිහිටුවා ඇති අතර හයසියයකට වැඩි පිරිසකට ඒ මධ්‍යස්ථාන තුනේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකිය.
පවතින සෞඛ්‍ය තත්ත්වයන් හමුවේ වුවත් රත්නපුර මහ රෝහලේ බාහිර රෝගීන්ගේ අංශය, සෞඛ්‍ය සායන, රසායනාගාර, ශල්‍යාගාර ආදියේ ප්‍රතිකාර කටයුතු කිසිසේත් ම නවතා නැති බව කී රෝහල් අධ්‍යක්‍ෂවරයා, එහෙත් ඒවායින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන පිරිසගේ යම් අඩුවක් පෙනෙන්නට ඇති බව ද කීවේය. එසේ ප්‍රතිකාර ගැනීමට එන කෙනා තනිව පැමිණිය හැකිනම් වඩාත් යෝග්‍ය බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.
නේවාසික රෝගීන් බැලීමට එන අය එක්කෙනකුට පමණක් සීමා කර ඇතිබවද රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කළේය.
මේ වනවිට රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ ඇති පීසීආර් යන්ත්‍ර දෙකෙන් දිනකට පරීක්‍ෂණ 100 ක් පමණ සිදුකරන බව පැවසූ රෝහල් අධ්‍යක්‍ෂවරයා උපරිම ධාරිතාවෙන් එය කළ හොත් එකසිය හැත්තෑවක් පමණ කළ හැකි බවද කීවේය.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා සංකුලතා ඇත්නම් කෙළින්ම රෝහලට එන්න එපා