
(අමදෝරු අමරජීව)
කොරෝනා වයිරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා නැගෙනහිර පළාතේ රෝහල් 4ක් පුහුණු කාර්ය මණ්ඩල සමග සූදානම් කළ බව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
පළාතේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශ හතරම ආවරණය වන පරිදි එක් බල ප්‍රදේශයක රෝහල බැගින් ස්ථාපිත කර ඇතැයි එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) ඒ.එස්.එම්. පායිස් මහතා පැවසීය.
මේ අනුව ත්‍රිකුණාමල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශයේ ඊච්චලම්පත්තු රෝහල, මඩකලපුව බල ප්‍රදේශයේ කරදියනාරු රෝහල, අම්පාර බල ප්‍රදේශයේ පදියතලාව රෝහල හා කල්මුණේ බල ප්‍රදේශයේ පාලමුණේ රෝහල මෙලෙස සුදානම් කර තිබේ.
ඉන් කරදියනාරු රෝහලට කොරෝනා ආසාදිතයන් 42දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර ඊච්චලම්පත්තු රෝහලට ආසාදිතයන් 24 දෙනෙකු කොළඹ ගම්පහ හා කලුතර ප්‍රදේශවලින් රැගෙන එමින් පවතින බව අධ්‍යක්ෂවරයා කීය.
කොරෝනා පළමු රැල්ලේදි මඩකලපුව, කාත්තන්කුඩි රෝහල් කොරෝනා රෝගීන් සඳහා වෙන්කර තිබු අතර එම රෝහල් තවදුරටත් කොරෝනා ආසාදිතයන් සදහා වෙන්කර තිබේ. එහි දැනට ආසාදිතයෝ 167ක් ප්‍රතිකාර ලබති.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා ආසාදිතයන්ට නැ’හිර පළාතේ රෝහල් 4ක්