IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කරන්දෙණිය ප්‍රා.සභාව උණුසුම් වෙයි

 

 

(එම්.සුසිල් ප්‍රියන්ත)    

පාලක පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රී සමීර ආරියවංශ මහතා  තමන් ඉදිරිපත් කළ යෝජනා තුනක් මෙවර සභා රැස්වීමට නොගත්තැයි කියමින් විරෝධාතාව දැක්වීමත් සමඟ අද (13) පැවති කරන්දෙණිය ප්‍රාදේශීය සභා රැස්වීම උණුසුම් විය.

පාලක පොදුජන පෙරමුණේම  මන්ත්‍රීවරුන් වන දුෂාන් ප්‍රසන්න, අජිත් කුමාර යන මන්ත්‍රීවරුන් ද සමීර ආරියරත්න මහතාට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වීමත් සමඟම  මාසික සභා රැස්වීමේ දැඩි නොසන්සුන්තාවයක් හටගත්තේය.

මේ සමඟම සභාපති ගාමිණී අමරවංශ මහතාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සමීර ආරියරත්න,දුෂාන් ප්‍රසන්න හා අජිත් කුමාර යන මහත්වරුන් අතර  දැඩි උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.

පසුව මාසික සභා රැස්වීම විනාඩි 5 කට කල් දමා සභා ගැබෙන් සභාපති ගාමිණී අමරවංශ මහතා ඉවත්වී ගියේය.

යළි සභා රැස්වීම ආරම්භ කෙරුණු අතර සමීර ආරයරත්න, දුෂාන් ප්‍රසන්න හා අජිත් කුමාර යන මන්ත්‍රීවරුන් තිදෙනා සභා ගැබෙන් ඉවත්ව ගොස් සභාව ඉදිරිපිට විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතා ව්‍යාපාරයක ද නිරතවූහ.

 



අදහස් (0)

කරන්දෙණිය ප්‍රා.සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site