IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි චන්ද 14කින් සම්මතයි​

(එම්. සුසිල් ප්‍රියන්ත)

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ මෙවර (2020-2021) අයවැය අද (10) පැවති චන්ද විමසීමේදී වැඩි චන්ද 14 කින් සභා සම්මත විය.

ප්‍රාදේශීය සභාපති ගාමිණි අමරවංශ මහතාගේ මෙවර අයවැය යෝජනාවලිය කරන්දෙණිය මහඒදණ්ඩ ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී ඉදිරිපත්කෙරිණ පැවත්විණ.

අය වැය යෝජනාවලිය සභාපති ගාමිණි අමරවංශ මහතා ඉදිරි පත් කළ අවස්ථාවේදී මේ අය වැය නීතිවිරෝධි අයවැයක් බවට ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි නිහාල් සුභසිංහ මහතා පැවසීමත් සමගම අයවැය චන්ද විමසීම දැඩි උණුසුම් විය.

අය වැය ලේඛනයට සභාවේ ලේකම්වරිය අත්සන් නොකිරීමත් මෙවර රැස්වීමේ න්‍යාය පත්‍රයට අයවැය යෝජනාවලිය නොදැමීම නිසා මෙවර අයවැය යෝජනාවලිය සභාවට ඉදිරිපත් කිරීම පලාත් පාලන පනතට පටහැනි ක්‍රියාවක් බව වැඩි දුරටත් අදහස් දැක්වීමේදී නිහාල් සුභසිංහ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාපති ගාමිණී අමරවංශ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි නිහාල් සුභසිංහ මහතා අතර අදහස් හුවමාරුවකින් අනතුරුව අය වැය චන්ද විමසීම සිදු කෙරිණ.

අයවැය යෝජනාවලිය සදහා චන්ද විමසීමේදි අයවැයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිහාල් සුබසිංහ මහතා පමණක් චන්දය ප්‍රකාශ කිරීම විශේෂයෙන්ම කැපී පෙනුණි.

විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් ගුණරත්න මහතා අයවැයට විරුද්ධව අදහස් පලකළත් ඔහු චන්ද විමසන අවස්ථාවේදී සභා ගර්ඹයෙන් ඉවත්ව සිටීමද කැපීපෙණුනි

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් තිදෙනාම සභා ගර්ඹයේ සිටියත් ඔවුන් තිදෙනාම චන්දය දීමෙන් වැලකී සිටියහ.

පසුගිය සභා රැස්වීමේදී සභාපතිවරයාට විරුද්ධව සභා රැස්වීම අතරමග නැගිට පාරට ගොස් උද්ඝෝෂනය කළ පාලක පක්ෂය නියෝජනය කරන දුෂාන් ප්‍රසන්න, අජිත් කුමාර, සමීර ආරියරත්න යන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනාම අයවැයට පක්ෂව චන්දය පාවිච්චි කළහ.

පාලක පක්ෂය සමග එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනාද අය වැයට පක්ෂව චන්දය ප්‍රකාශ කළහ.

ඒ අනුව අය වැයට පක්ෂව චන්ද පහලොවක් ලැබුණු අතර විරුද්ධව එක් චන්දයක් ලැබුණි. මන්ත්‍රීවරු තිදෙනෙක් චන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ. විපක්ෂනායක සරත් ගුණරත්න මහතා සභා ගර්ඹයෙන් ඉවත්ව සිටියේය.



අදහස් (0)

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි චන්ද 14කින් සම්මතයි​

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site