IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කැබ් රථයක යතුරු පැදියක් ගැටී අයෙක් මරුට

(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දික නිරෝෂණ)                                    

ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී අද  (06) කැබ් රථයක යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු මියගොස් ඇතැයි කහවත්ත පොලිසිය පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ කාවින්ද ලක්ෂාන් නැමැති 21 හැවිරිදි රක්වාන කැන්දේපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ විරුද්ධ දෙසට ධාවනය වී යතුරු පැදියේ ගැටී ඇති බවත් කැබ් රථයේ ගැටුණු යතුරු පැදිය අඩි 15 ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.                                               

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු කහවත්ත මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කහවත්ත පොලිසිය සඳහන් කළේය.



අදහස් (0)

කැබ් රථයක යතුරු පැදියක් ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site