IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කන්දකැටිය අය වැය වැඩි ඡන්ද 3කින් පරාදයි

 


(විමුක්ති සංජය පෙරේරා)

කන්දකැටිය  ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වු අයවැය ලේඛනය සංශෝධන සහිත ඉදිරිපත් කිරීම සහ ඡන්ද විමසීම කන්දකැටිය ප්‍රාදේශීය සභා මහ සභා රැස්වීමේදී පසුගිය  27 වැනිදා සිදුවූ අතර එහිදී වැඩි ඡන්ද 3 කින් අය වැය පරාජය විය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන්  සමන්විත කන්දකැටිය  ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන උප සභාපති එස්.එම් සෙනෙවිරත්න මහතා පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 07දෙනා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අයවැයට විරැද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා එදින සභා රැස්වීම සඳහා සහභාගී නොවූහ. ඒ අනුව පක්ෂව ඡන්ද 6ක් සහ විරුද්ධව ඡන්ද 9ක් ප්‍රකාශ වූ අතර වැඩි ඡන්ද 3කින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වූ අයවැය පරාජය විය.

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම් කමල් රාජපක්ෂ  මහතා විසින්  පසුගිය 27 වැනි දින 2021 වර්ෂයේ අයවැය ලේඛනය කන්දකැටිය  ප්‍රාදේශීය සභා මහ සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව අය වැය සඳහා විවාදය පැවැති අතර එහිදි සභාපතිවරයා විසින්  පසුගිය අවුරුදු කිහිපය තුළ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සංවර්ධන යෝජනා වැඩි කොටසක් ක්‍රියාත්මක නොකිරීම නිසාත් මෙවර අය වැයටද  තමන් ඉදිරිපත් කළ සංශෝධන සභාපතිවරයා විසින් බාරගත්තද එවා ලබන වසරේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  සභාපතිවරයා කෙරෙහි කිසිම විශ්වාසයක් නොමැති නිසාත්  තමන් අය වැයට විරුද්ධ වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කීහ.

ඡන්දය විමසීමේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා අයවැයට විරුද්ධව ඡන්දය දුන් සියළු දෙනාට දින 07ක් තුළ තමන් විරුද්ධ වීමට හේතුව සඳහන් කර ලිඛිත ප්‍රකාශයක්  පළාත් ආණ්ඩුකාරවරයාටත්, එහි පිටපතක් තමන් වෙතත් ලබාදෙන මෙන් කන්දකැටිය ප්‍රාදේශීය සභා ලේකම් එස්.එම් ෆාරුක් මහතා දැනුම් දුන්නේය.



අදහස් (0)

කන්දකැටිය අය වැය වැඩි ඡන්ද 3කින් පරාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site